Thursday, August 15, 2013

 Dell Latitude 6430u

වර්තමානයේ බොහෝ සමාගම් විසින් තමන්ගේ ලැප්ටොප් නිර්මාණයන් සැලසුම් කරනේ  එකක්ද සමගින් හිබ්‍රිඩ්  සංස්කරණයන් ලෙසිනි.
ඊට ප්‍රදාන හේතුව වන්නේ අනාගතයේ සැබැවින්ම ලැප්ටොප් පරිගණක අබිබවා  ඉදිරියට එන නව පරම්පරාව වනු ඇත්තේ ටැබ්ලට් පරිගණක බවට වන විස්වාසයි.
කෙසේ නමුත් Dell සමාගමේ නවතම නිර්මාණය වන Dell Latitude 6430u මෙම රීතියට පටහෙනිව යමින් නිර්මාණය වන්නකි.Touchscreen එකක්  නොමෙතිව සම්ප්‍රදායික ලැප්ටොප් මොඩලයෙන්ම නිර්මාණය වන්නේ තනිකරම ර්තීමය අවශ්‍යතාවයන් සදහා ලැප්ටොප් පරිගණකයක් මිලදී  ගන්නට සිතනා පාරිබෝගිකයන් ඉලක්ක කොට ගනිමිනි.
Dell Latitude 6430u ලැප්ටොප් පරිගණකයේ අගල් 14 තිරය නොදිලිසෙන පැහැදිලි  දසුන් ලබාදෙන එකක් උවත් එය 1366x 778p  තිර විබීදනයකට සීමාවී තිබේ. 1.8GHz  ඉන්ටෙල් Intel ප්රෝසසරයකින් ජව ගැන්වෙන මෙය 8GB DDR3 RAM  මතකයක් පිහිටුව තිබේ.නමුත් මෙහි මතක ධාරිතාව 256GB  දක්වා සීමා වී තිබිම එතරම් හොද ලක්ෂණයක් නොවන බව කිව යුතුය.එසේම මෙම මතක ධාරිතාවය HDD නොව SSD  වීමද සෙලකිල්ලට ගත යුතුය.
Ethernet port ,2 USB 3.0 ports,eSATA  port ,card  reader ,HDMI ,VGA  connector ,Bluetooth 4.0 සහ Wi -Fi යන සියලු දත්ත හුවමාරු තාක්ෂනයන් අත්විදින මෙම නවතම Dell ලැප්ටොප් පරිගනකය මනා  නිමාවකින් යුක්ත වෙ.මේ වන විට Samsung Series 9 Ultrabook  තම ප්‍රදාන ප්‍රතිවාදිය ලෙසින් සලකමින් තරගයක දී සිසිටින Dell Latitude 6430u  යනු ගෙවන මුදලට කිසිසේත්ම පාඩුවක් නොවන ආයෝජනයක් බව සදහන් කල යුතුය .


No comments:

Post a Comment